Home » Blog » ආප්තෝපදේශ

ආප්තෝපදේශ

by lakehouse
0 comments

 

*
ප්‍රයෝගයට ආයුෂ කෙටිලු
ප්‍රයෝග ඉතා කෙටි කලකින් හෙළිවන බව.

*
ගී කියන කුරුල්ලා කොහෙත් ගී කියයි.
හැකියාව දක්ෂතාව තිබෙන පුද්ගලයන්ට ස්ථානය වැදගත් නොවන බව.

*
ගී කිය කියා සිටියහොත් පසුවට අපහසුව දැනේ.
යහපත් අනාගතයක් වෙනුවෙන් වර්තමානයේ නිසියාකාරව කටයුතු කළ යුතු බව.
*
ගහට ගෙඩි බර නැහැ.
තමන්ගේ අය තමන්ට කරදරයක් නොවන බව.

*
ගිය එකා මහ එකා.
තියෙන විටදි වඩා නැති වූ දෙයෙහි අගය වැඩි බව.

*
කෝ ගින්නේ දර දොම්නසය.
දොම්නස නිසා ක්‍රෝධය වැඩි වේ.

*
හිස් ගෝණිය කෙළින් තැබිය නොහැකි ය.
නූගත් පුද්ගලයන්ට ඍජුව සමාජය ඉදිරියේ පෙනී සිටිය නොහැකි ය.

*
හවුලේ කැඳත් එපා.
හවුලේ කරන වැඩ පරස්පර අදහස් නිසා සාර්ථක නොවේ.

*
ශක්තිය යුක්තිය නොවේ.
යුක්තිසහගත විය යුත්තේ ශක්තිය ඉදිරියේ නොව සත්‍ය ඉදිරියේ ය.

*
සිනා නොමසෙන් දසන් දක්වා.
දත් පෙන්වා සිනාසීම නොගැළපෙන දෙයකි.

*
සඳ මැදත් හාවෙක් ය.
ඕනෑම හොඳ පුද්ගලයකු ළඟ නොහොඳක් තිබේ.

*
සිංහයා තණ නොකයි.
ශ්‍රේෂ්ඨයන් බාල ක්‍රියා නොකරන බව.

*
ස්ත්‍රියට ආභරණය කල් ක්‍රියාවලු.
ගුණ යහපත් හැසිරීම ස්ත්‍රියකට ආභරණයක් වේ.

*
වෙච්ච දේට එන්න සෙයියරදු.
සිදු වූ දෙය නැවත සකස් කළ නොහැකි බව.

*
ලෝබයාගේ දේ කූඹි කනවා.
දැඩි මසුරුකම නිසා වස්තුව විනාශ වේ.

*
රූපයත් එක ශාපයක් ලු.
රූපය නිසා විපතක් ඇති වේ.

චතූ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department