Home » Blog » සමනල අන්දරය

සමනල අන්දරය

by lakehouse
0 comment

සන්ධ්‍යා ප්‍රියදර්ශනී අතුකෝරල මහත්මිය විසින් රචිත ‘සමනල අන්දරය’ කෘතිය ළමා ඔබගේ රසාස්වාදය ජනිත කරන කෘතියකි. මේ මඟින් සමනල්ලු සිරීපාදය වන්දනා කරන ආකාරය පිළිබඳ අපූරු නිර්මාණයක් ගෙන හැර දක්වයි. මෙහිදී සමනල රෑනේ නායිකාව අනෙකුත් අයට සහයෝගය දෙන ආකාරය නිරූපණය කරයි. සමනල රෑනේ නායිකා සමනලිය තම කණ්ඩායමට මඟ පෙන්වන්නේ අපූරු ආකාරයකටයි. ඇය සිරීපාදයට යන අතරතුර අනෙක් අයට දක්වන සහයෝගය පිළිබඳ මෙම කෘතියේ මනා ලෙස පැහැදිලිකර තිබේ. මෙම කෘතියේ ඇති චරිතවලින් ඔවුනොවුන්ගේ සමගිය සහ එක්සත් බව ද පැහැදිලිව කියැවේ. නායිකාවක් සිය කණ්ඩායමට උදවු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආදර්ශයක් ගත හැකි කතා පුවතකි.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department