Home » Blog » වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමි

වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමි

by lakehouse
0 comments

ආදරණීය දුවේ පුතේ, අද අපි ඔයාලාට හඳුන්වා දෙන්න සූදානම් වන්නේ ජාතික වීරයන් පිළිබඳ කතා මාලාවක්. ඔවුන් අපේ රට වෙනුවෙන් කළ වික්‍රමය පුංචි ඔයාලාත් දැන ගන්න ඕනේ. පුංචි කාලයේ සිටම ශක්තිමත් සිතුවිලි ඔබේ මනසේ වර්ධනය කරගැනීමෙන් අනාගතයේදී රටට දැයට සේවයක් කිරීමට නිරායාසයෙන්ම ඔබට පෙලඹීමක් ඇති වෙනවා. මේ නිසා දුවේ පුතේ, ඔබ කුඩා කාලයේ සිටම මෙවැනි වීරයන් පිළිබඳ කතා පුවත් කියවන්න. ඒ වගේම එම චරිත පිළිබඳ අධ්‍යයනය කරන්න. එයින් ඔබේ මනසේ එඩිතර සිතිවිලි වර්ධනය වේ. කිසියම් කාර්යයක් වෙනුවෙන් ඉදිරියට ගොස් ඔබේ පාසල් වැඩ කටයුතු කිරීමට අවස්ථාව සැලසේවි. ඒ වගේම ඔබේ අනාගත වෘත්තිය මැනවින් කළමනාකරණය කරගැනීමට ද ඔබට හැකියාව ලැබේවි. ඉතින් අපි අද වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියන් පිළිබඳ කතාව අසමු නේද?

ශ්‍රී ලාංකිකයන්ගේ ජාතිය උරුමය රැක දුන් යතිවරයෙක් වන වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් කළ මහඟු සේවය වන්නේ සුදු ජාතිකයන්ට එරෙහිව නැඟී සිටීමයි. අපේ රට, ජාතිය, ආගම පිළිබඳ උනන්දුවක් දැක්වූ මේ යතිවරයාණෝ පන්සල ඇසුරින් බෞද්ධ සාරධර්ම ශ්‍රී ලාංකිකයන් අතර ජනිත කිරීමට උත්සාහ ගත්හ. මේ වෙනුවෙන් උන්වහන්සේ සිංහලයන් අවදි කිරීමට කටයුතු කළහ. 1813 වර්ෂයේදී සුදු පාලකයෝ අපේ රටට විරුද්ධව සටන් ප්‍රකාශයට පත් කළහ. මේ කාලය අපේ රටේ ජනතාවට අසීරු කාලයක් විය. 1815දී වර්ෂයේදී සුදු ජාතිකයන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා දේශය යටත් කරගත්හ. එහිදී ශ්‍රී ලාංකිකයන්ට සිදු වූ අපහසුතා වෙනුවෙන් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ පෙරට ආහ.

මේ වන විටත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ නියෝගය පරිදි මේජර් කුක් නම් යුද හමුදාපතිවරයාගේ අණින් සේනාවක් සෙංකඩගල මහනුවරට පිටත් කර හැරීමට නියෝගකර තිබිණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජතුමා සිර භාරයට ගැනීමටයි. මේ සියල්ල ආරංචි වූ සැණින්ම රජතුමා බෝමුරය නම් ඈත ගම්මානයකට පලා ගියේ ය. එක් තැනක නොසිටි රජතුමා විවිධ ස්ථාන කරා පලා ගියේ ය. එතුමා සිර භාරයට ගත හැකි වූයේ උඩුපිටියේගෙදර අප්පුරාල ආරච්චිගේ නිවසේ සැඟව සිටි කාලයේ ය.

මෙයින් පසු 1818දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබිණි. එයට පෙර සුදු පාලකයෝ ඉංග්‍රීසි කොඩිය ඔසවා ප්‍රීති ඝෝෂා කිරීමට පටන් ගත්හ. එයට එරෙහි වූ සුමංගල හිමියෝ ඉංග්‍රීසි කොඩිය බිම හෙළා දැමූහ. කේසර සිංහයෙක් ලෙස අභීතව ඉදිරියට පැමිණි හිමියෝ ශ්‍රී ලාංකේය කොඩිය එසවීමත් සමඟ බ්‍රිතාන්‍යයේ කොඩිය පහත හෙළූහ. මේ ආකාරයට සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් වෙනුවෙන් සුමංගල හිමියෝ පෙරට පැමිණියහ.

නදී


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department