Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by lakehouse
0 comment

දේශීය තොරතුරු

*
ශ්‍රී ලංකාව අයත් වන්නේ කුම සාගරයට ද?

*
ශ්‍රී ලංකාව අයත් වන්නේ කුමන මහද්වීපයට ද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ විශාලතම පළාත කුමක්ද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ ප්‍රථම රැජන වූයේ කවුද?

*
ශ්‍රී ලංකාවේ උසම කන්ද වන්නේ කුමක්ද?

*
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන්නේ කුමක්ද?

*
ශ්‍රී ලංකාවට අයත් විශාලම දූපත වන්නේ කුමක් ද?

*
ශ්‍රී ලංකාවට අයත් විශාලම කලපුව වන්නේ කුමක්ද?

*
ශ්‍රී ලංකාවේ උසම සානුව වන්නේ කුමක්ද?

*
ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයා වන්නේ කවුද?


 

අපේ රටේ වනෝද්‍යාන

*
යාලට අයත් භූමි ප්‍රමාණය කොපමණ ද?

*
හග්ගලට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
සිංහරාජයට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
ගල්ඔයට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
බූන්දලට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
හෝර්ටන්තැන්නට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
රිටිගලට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
විල්පත්තුට අයත් භූමි ප්‍රමාණය කොපමණද?

*
පිටාරන් තැන්නට අයත් භූමි ප්‍රමාණය කොපමණද?


ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව්

*
නුවර වැව කළ රජතුමා වූයේ කවුද?

*
තිසා වැව කළ රජතුමා කවුද?

*
බසවක්කුලම වැව කළ රජතුමා කවුද?

*
කලා වැව කළ රජතුමා කවුද?

*
නාච්චදූව වැව කළ රජතුමා කවුද?

*
පදවි වැව කළ රජතුමා කවුද?

*
මහ කනදරාව කළ රජතුමා කවුද?

*
හුරුළු වැව කළ රජතුමා කවුද?

*
මින්නේරිය වැව කළ රජතුමා කවුද?

*
පරාක්‍රම සමුද්‍රය කළ රජතුමා කවුද?


විදේශීය තොරතුරු

*
ලෝකයේ උසම කන්ද කුමක්ද?

*
ලෝකයේ දිගම ගඟ කුමක්ද?

*
ලෝකයේ උසම දිය ඇල්ල කුමක්ද?

*
ලෝකයේ විශාලම කාන්තාරය කුමක්ද?

*
ලෝකයේ විශාලතම දූපත කුමක්ද?

*
ලෝකයේ විශාලතම සාගරය කුමක්ද?

*
ලෝකයේ විශාලතම වරාය කුමක්ද?

*
ලෝකයේ විශාලතම ප්‍රාකාරය කුමක්ද?

*
ලෝකයේ විශාලතම ඇළ කුමක්ද?

*
ලෝකයේ විශාලතම සානුව කුමක්ද?

*
ගොඩබිම වාසය කරන ලෝකයේ විශාලතම සත්ත්වයා කවුද?

*
ලෝකයේ විශාලතම සර්පයා කවුද?


ලෝකයේ විවිධ  සොයා ගැනීම්

*
ලෝකයේ විවිධ සොයා ගැනීම්

*
තාරකා විද්‍යාවේ පියා කවුද?

*
පරිණාමවාදයේ පියා කවුද?.

*
ගුවන්විදුලියේ නිර්මාතෘවරයා කවුද?

*
රූපවාහිනියේ නිර්මාතෘවරයා කවුද?

*
දුරකතනයේ නිර්මාතෘවරයා කවුද?

*
දුම්රිය නිෂ්පාදනය කළේ කවුද?

******************************

දේශීය තොරතුරු

* ඉන්දියන් සාගරයට * ආසියා මහද්වීපයට * ඩී. එස්. සේනානායක මහතායි * සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. * ජේ. ආර්. ජයවර්ධන මහතායි * චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි * උතුරු මැද පළාතයි * විජය රජතුමායි * ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමායි * අනුලා දේවියයි. * පිදුරුතලාගල කන්දයි. * බඹරකන්ද දිය ඇල්ලයි. * තලෙයිමන්නාරම *
යාපනේ කලපුයි * හෝර්ටන්තැන්න සානුවයි * ආනන්ද සමරකෝන් මහතායි.

අපේ රටේ වනෝද්‍යාන

* යාල – හෙක්ටයාර් 28, 206 * හග්ගල – හෙක්ටයාර් 1522 * සිංහරාජ – හෙක්ටයාර් 18, 900 * ගල්ඔය – හෙක්ටයාර් 25, 900 * බූන්දල – හෙක්ටයාර් 6216 *හෝර්ටන්තැන්න – හෙක්ටයාර් 3 160 * රිටිගල – හෙක්ටයාර් 1142 * විල්පත්තු – හෙක්ටයාර් 131,693 * පිටාරන් තැන්න – හෙක්ටයාර් 17,350

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව්

* නුවර වැව- අනුරාධපුර යුගයේදී වළගම්බා රජතුමා විසින් කරවන ලද පැරැණිම වැවකි. * තිසා වැව- පණ්ඩුකාභය රජතුමා කරවන ලද කුඩා වැවකි. පසුව මෙය දේවානම් පියතිස්ස රජතුමා විසින් විශාල කළේ ය. * බසවක්කුලම වැව- පණ්ඩුකාභය රජතුමා කරවන ලද වැවකි. * කලා වැව- ධාතුසේන රජතුමා විසින් කලා මේ වැව සාදන ලදී. * නාච්චදූව වැව- දෙවැනි මොග්ගල්ලාන රජු විසින් කරනවන ලද වැවකි. * පදවි වැව- මෙය ද දෙවැනි මොග්ගල්ලාන රජු විසින් කරවන ලද වැවකි. * මහ කනදරාව වැව- මහසෙන් රජතුමා විසින් මේ වැව කරවන ලදි.* හුරුළු වැව- මේ වැවද යාන් ඔය හරස්කර මහසෙන් රජතුමා විසින් කරවන ලදි. * මින්නේරිය වැව- අඹන් ගගෙන් ජලය ගෙන යන ලෙසින් මේ වැව නිර්මාණය කළේ මහසෙන් රජතුමා ය. * පරාක්‍රම සමුද්‍රය- පළමුවැනි පරාක්‍රම බාහු රජතුමා සෑදූ මේ වැව විශාල වැවකි.

විදේශීය තොරතුරු
*
ලෝකයේ උසම කන්ද වන්නේ එවරස්ට කන්දයි * ලෝකයේ දිගම ගඟ වන්නේ නයිල් ගඟයි * ලෝකයේ උසම දිය ඇල්ල වනුයේ වෙනිසියුලාවේ පිහිටි ඒන්ජල් දිය ඇල්ලයි.* ලෝකයේ විශාලම කාන්තාරය වන්නේ සහරා කාන්තාරයයි. * ලෝකයේ විශාලතම දූපත වනුයේ ග්‍රීන්ලන්ත දූපතයි * ලෝකයේ විශාලතම සාගරය ශාන්තිකර සාගරයයි * ලෝකයේ විශාලතම වරාය වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වරායයි * ලෝකයේ විශාලතම ප්‍රාකාරය වන්නේ චීන මහා ප්‍රාකාරයයි * ලෝකයේ විශාලතම ඇළ වන්නේ සූවස් ඇළයි * ලෝකයේ විශාලතම සානුව වන්නේ ටිබෙට් සානුවයි. * ගොඩබිම වාසය කරන ලෝකයේ විශාලතම සත්ත්වයා වන්නේ හිපපොටේමස් * ලෝකයේ විශාලතම සර්පයා වන්නේ ඇනකොන්ඩායි

ලෝකයේ විවිධ සොයා ගැනීම්

* තාරකා විද්‍යාවේ පියා ගැලීලියෝ ගැලීලි ලෙස හඳුන්වයි * පරිණාමවාදයේ පියා චාර්ල්ස් ඩාවින් ය. * ගුවන්විදුලියේ නිර්මාතෘවරයා වන්නේ ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි ය. *
රූපවාහිනියේ නිර්මාතෘවරයා වන්නේ ජෝන් ලොගී බෙයාර්ඩ් ය. * දුරකතනයේ නිර්මාතෘවරයා වන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ය * දුම්රිය නිෂ්පාදනය කළේ ජෝර්ජ් ස්ටීවන්සන් ය.

 

 

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department