සාරාගේ යාළුවෝ
ඔන්න එකමත් එක රටක පොහොසත් නගරයක් තිබුණා. මේ නගරයේ ජීවත් වුණේ පොහොසත් මිනිස්සු විතරයි. මේ නගරයේ ඈත කෙළවරේ කැලයක් තිබුණා. ඒ කැලෑවේ එකම එක ගෙයක් තිබුණා. මේ ගෙදර ජීවත් වූණේ දුප්පත් පවුලක්. ඉතින් මේ දුප්පත් ගෙදර හිටියෙ අම්මයි, තාත්තයි, පුංචි දුවෙකුයි. මේ දුවගෙ නම සාරා. මේ සාරාට කවුරුත් යාළුවො හිටියෙ නෑ. මොකද මේ නගරෙ ඉන්නෙ පොහොසත් ළමයි විතරනෙ. ඉතින් මෙයාලා කැමැති නෑ මේ දුප්පත් සාරාට. ඉතින් සාරා එයාගෙ යාළුවො කරගත්තෙ කැලෑවෙ හිටිය සත්තුන්වයි. දවසක් මේ නගරයේ සිටිය පොහොසත් පවුල් කීපයක් කැලෑවෙ සංචාරයක් යන්න තීරණය කළා. ඔන්න ඉතින්
මේ කට්ටිය කැලෑවෙ ඇවිදින ගමන් ගස්වල තිබුණු පලතුරු කඩාගෙන කෑවා. මේ කණ්ඩායමේ හිටියා නතාලි කියලා පුංචි ගෑනු ළමයෙක්. මෙයා මෙහෙම ඇවිදිනකොට දැක්කා ලස්සනම ලස්සන මල් පොකුරක්. මෙයා ගියා මේ මල් පොකුර කඩන්න. හැබැයි මෙයා එනකොට කණ්ඩායමට නතාලිව මඟ හැරිලා. නතාලි හොඳටම බයවෙලා ඇඬුවා. මේ අතරේ සාරා එයාගෙ පුංචි යාළු සතුන් එක්ක කැලෑවෙ ඇවිදින අතරේ නතාලි අඬන සද්දෙ ඇහිලා ඒ පැත්තට ගියා. සාරා, නතාලි ගාවට ගිහිල්ලා මෙහෙම ඇසුවා.
“මොකද ඔයා අඬන්නේ?”. ඉතින් නතාලි සේරම විස්තරේ සාරාට කිව්වා. ඉතින් සාරා මේ කැලෑව ගැන හොඳට දන්න හින්දා නතාලිට එයාගෙ කණ්ඩායම හොයලා දුන්නා. එදා ඉඳන් නතාලිගෙ හොඳම යාළුවා තමයි සාරා. සාරාට දැන් හරිම සතුටුයි.
ඉතින් අපිත් මේ කතාව ආදර්ශයට අරගෙන භේද නොසලකා යාළුවන් සමඟ සමඟියෙන් ජීවත් වෙමු.
චතුමිණී ආශිංශනා
10 ශ්‍රේණිය ,
ඩී.එස්. සේනානායක ජාතික පාසල,
මීරිගම
කුරුලු යාළුවන්ගේ ජාත්‍යන්තර දිනය
පැන්සල්, පාටකූරු, දියසායම් ආදිය පාවිච්චි කර චිත්‍ර ඇඳීම සෑම කෙනකුටම මහත් විනෝදයක් ගෙන දෙන්නකි. චිත්‍ර අඳින සෑම කෙනකුගේම චිත්‍ර අතර පුංචි කුරුලු යහළුවන්ගේ සිතුවම් ගොන්නකුත් අනිවාර්යෙන්ම ඇති. මේ කුරුලු යාළුවන්ට උපහාර වශයෙන් පුංචි කුරුල්ලකු චිත්‍රයට නඟන්නට ජාත්‍යන්තර වශයෙන් දිනයක් ද වෙන්කර තිබේ. ඒ අපේ‍්‍රල් මස 8 වැනිදා ය. මෙම දිනය පරිසරවේදින්ට මෙන්ම චිත්‍ර ශිල්පීන්ට ද වැදගත් දිනයකි. මෙම දිනය නම් කිරිම පිළිබඳ කතාව දශක හතක පමණ ඉතිහාසයකට උරුමකම් කියයි.
මෙම දිනයේ ආරම්භයට ඇත්තේ සුන්දර මූලාරම්භ කතාවකි. කතාව මෙසේය. ඒ 1943 දෙවැනි ලෝක යුද්ධ සමයේ එංගලන්තයේ රෝහලක තුවාල ලැබූ සොල්දාදුවකු වූ මාමා බැලීමට ඩෝරි කූපර් නැමැති හත් හැවිරිදි දැරිය ගියා ය. එහිදි ඇය තම මාමාට කුරුල්ලකු අඳින ලෙස කීවාය. මාම ඇයට කුරුල්ලකුගේ චිත්‍රයක් ඇඳ දුන්නේ ය. ඇය එය බලා සිනාසුණේ එය එතරම් ලස්සන නොවන බව ප්‍රකාශ කරමින් ය. එහෙත් එය විනෝදජනක වූයේ අනෙක් සොල්දාදුවන් ද එම කතාවට එක් වීම නිසා ය.
කුරුලු පින්තූර ඇඳීමේ ප්‍රථම ජාත්‍යන්තර දිනය 1947 අපේ‍්‍රල් 8 ඩෝරිගේ මරණයෙන් පසු වසරේ සිට සමරන ලදි. එතැන් සිට සෑම වසරකම අපේ‍්‍රල් 8 මෙම දිනය සමරනු ලැබුවේ ඩෝරි, සොල්දාදුවන්ගේ ජීවිතවලට කළ බලපෑම අනුස්මරණය කිරීමට සහ ජීවත්වීමට අන් අයව දිරිමත් කිරීමට උපහාර වශයෙන් ය. ඉතින් අපිත් පුංචි කුරුල්ලකුගේ පින්තූරයක් ඇඳ පුංචි ඩෝරිට උපහාර දක්වමු.
ඒ.ඩබ්.රසාංජනී විජේසිංහ
9 ශ්‍රේණිය
ශ්‍රී සවර්ණජෝති ජාතික පාසල,
කිරිබත්කුඹුර
මගේ පැතුම සමගි ලොවක්
කාලයේ ඇවෑමත් සමඟ වර්තමාන මිනිසා තාක්ෂණය අතින් හිණි පෙත්තටම ළඟා වී ඇත. මෙලෙස නව තාක්ෂණයත් සමඟ විවිධ රටවල් තම ආධිපත්‍ය පැතිරවීමට හා බලය ලබා ගැනීමට ගිජු බවක් දක්වයි. මෙනිසා රට රටවල් අතර සමඟිය බිඳී ගොස් ලෝක යුද්ධ ද හට ගෙන තිබේ. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ පළමු ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධය යි. වර්තමානයේ ද යුක්රේනයත්, රුසියාවත්, ඊශ්රාලයත් පලස්තීනයත් අතර යුද ගැටුම් ඇති වී ඇත. මෙලෙස ලෝකය දෙකට බෙදී යුද්ධ කිරීම නිසා පීඩාවට පත් වන්නේ අපේම මිනිසුන් ය. සෑම බලයකටම වඩා උසස් වන්නේ සමගි බලයයි. බොහෝ රටවල මිනිස්සු යුද්ධයක් ජය ගත් විට ජය පැන් පුරති. එහෙත් ඔවුහු යුද්ධය නිසා ඔවුන්ට අහිමි වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ කනගාටු නොවෙති. එනිසා කුඩා දරුවන් වන අපි ලෙයින් නැහැවුණු ලෝකයට සමගියේ අරුත මනාව වටහා දිය යුත්තෙමු.
දිමන්තා දිල්තිනි
7 ශ්‍රේණිය,
විද්‍යාකර බාලිකා විද්‍යාලය
මහරගම
සවස
සවසට ඉර බැහැගෙන යනවා
මුහුදේ ඉර සැඟ වී යනවා
උදේ පිපුණු මල් පරවී යනවා
තවත් දිනක් අවසන් වී යනවා
ඉහන්සා නෙත්මිණි
4 ශ්‍රේණිය
බ/ ප/ හෝ කෙසෙල්හේනාව ප්‍රාථමික විද්‍යාලය
කම්කරු දිනය
1886 වසර අමෙරිකාවේ කර්මාන්තශාලා ආශි‍්‍රතව මහා නොසන්සුන්තාවක් ඇති විය. 1886 මැයි 1 වැනි දින කර්මාන්තශාලා කම්කරුවෝ හතළිස් දහසක් පමණ චිකාගෝ නගරයට රැස් වූහ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ දිනකට පැය අටේ වැඩ මුරයක් දිනා ගැනීමයි. තුන් දිනක් මේ උද්ඝෝෂණ පැවැත්විණි. 3 වැනි දින නිව්යෝර්ක් පොලීසිය කම්කරුවන්ට වෙඩි තැබුවේය. එයින් හය දෙනෙක් මිය ගියහ. පනස් දෙනෙක් තුවාල ලැබූහ. කම්කරුවන්ගේ කොඩි ද, ඇඳුම් ද ලේවලින් රත් පැහැ ගැන්විණි.
ලෝකය පුරා කම්කරු දිනය මැයි 1 වූයේ 1886 චිකාගෝ උද්ඝෝෂණය පාදක කර ගෙන ය. මැයි දිනය රත් පැහැ ගැන්වූයේ එදා මිය ගිය කම්කරුවන්ගේ ලේවල පාටිනි. මැයි 1 දින කම්කරු දිනය ලෙස කම්කරුවන් පෙළපාළි යන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම වෙනුවෙනි.
ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ කම්කරු දිනය පවත්වන ලද්දේ 1933 මැයි 1 දිනයි. එදා සිට සෑම වර්ෂයකම සෑම මැයි 1 දිනයකම මැයි දින පෙළපාළි පැවැත්වේ.
කවිඳු දිලීප විතානගේ,
13 වසර,
කෑ/ දෙහි /තල්දූව බෞද්ධ ජාතික පාසල
කෑගල්ල