Home » Blog » සෞම්‍ය දේශගුණයෙන් පිරි වැන්කුවර් දූපත

සෞම්‍ය දේශගුණයෙන් පිරි වැන්කුවර් දූපත

by lakehouse
0 comment

වැන්කුවර් හරහා ගලා බසින ගංගා ගණනාවකි. මෙයින් සෝමස් නදිය සුන්දර ගංගාවකි. මෙය ඇල්බර්නි නිම්නයෙන් ගලා බසියි. උතුරු දූපත් කලාපයේ නිම්ප්කිෂ් ගඟ, පාර්ක්ස්විල් අසල නැනයිමෝ සිට ඉහළට දිවෙන ඉංග්ලිෂ්මන් ගංගාව සහ දකුණු දූපත් කලාපයේ කොවිචාන් ගංගාව මේ අතර ප්‍රධාන වේ. කැමරන් විල, කේප්ස් විල, එල්ක් විල, හෙල්බෝර් විල, කෙනඩි විල, නැනයිමෝ විල් සහ සූල් විල යන බොහෝ විල් මෙම දූපතේ පිහිටා තිබේ.

වැන්කුවර් දූපත බොහෝ ප්‍රදේශ ආවරණය කරගෙන ඇත. මෙම දූපතේ බටහිර වෙරළ තීරය තෙත් ය. එහෙත් නැඟෙනහිර වෙරළ තීරය මඳක් රළු ය. මේ අනුව වෙරළ තීරය කොටස් දෙකකට බෙදා වෙන් කිරීමේ හැකියාවක් ඇත. ස්ට්‍රැත්කෝ පළාත් උද්‍යානය වැන්කුවර් දූපතේ අලංකාරම ස්ථානයකි. එය දූපත මධ්‍යයේ පිහිටා ඇත. වැන්කුවර් දූපතේ දක්ෂිණ කොටස කෝට්නේට නගරයට දකුණින් පිහිටා ඇත. වැන්කුවර් දූපතේ උතුරු කොටස කැම්බල් ගඟට උතුරින් පිහිටා තිබේ. වැන්කුවර් දූපතේ දක්ෂිණ සහ උත්තර ප්‍රදේශවල මධ්‍ය කොටස මධ්‍ය ප්‍රදේශය යනුවෙන් හඳුන්වයි. ලෝකයේ විශාලතම දූපත් අතර 43 වැනි ස්ථානය ද, කැනඩාවේ 11 වැනි විශාලතම දූපත ද කැනඩාවේ ජනගහනය අධික දූපත් අතර දෙවැනි ස්ථානය ද වැන්කුවර් දූපතට හිමි වේ.

වැන්කුවර් දූපතේ දේශගුණය කැනඩාවේ සෞම්‍යම දේශගුණය වන අතර, ජනවාරි මාසයේදී පවා වෙරළ තීරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් ෆැරන්හයිට් තිස්දෙක ඉක්මවයි. ගිම්හානයේ උණුසුම ෆැරන්හයිට් 28- 33 දක්වා වේ. බටහිර වෙරළ තීරය නැඟෙනහිර වෙරළට වඩා තෙත් බවකින් යුක්ත වේ. බටහිර වෙරළේ ඩ්භජභඬබතඪඵ විලෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 6650 සිට මිලිමීටර් 608 දක්වා වේ. පහත් උන්නතාංශවල හිම දුර්ලභ වුවත් ශීත ඍතුවේදී දිවයිනේ කඳු මුදුන්වල හිම බහුලව දක්නට ලැබේ. වැන්කුවර් දූපත පිහිටා ඇත්තේ සෞම්‍ය වැසි වනාන්තර පිහිටි ප්‍රදේශයේ ය.

බොහෝ දූපත් වැසියන් ජීවත් වන්නේ මසුන් ඇල්ලීමෙන් ය. ධීවර යාත්‍රා, වරායන්වලින් ක්‍රියාත්මක වන අතර, වෙරළබඩ මත්ස්‍ය ගොවිපොළවල වාර්ෂිකව සැමන් නිෂ්පාදනය කරයි. වැන්කුවර් දූපතේ විශාලතම නගරය වන්නේ වික්ටෝරියා නගරයයි. මෙය තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ප්‍රසිද්ධ ය. මෙහි තාක්ෂණ සමාගම් 800කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 1.95කි. වැන්කුවර් දූපතේ ප්‍රධාන ආර්ථික භෝගය වන්නේ වන වගාවයි. බොහෝ දැව කපා අපනයනය කරයි.

වැන්කුවර් දූපතේ නගරවල විවිධ ආහාර නිෂ්පාදන සමාගම් ද පවතී. මේ අතර බේකරි නිෂ්පාදන, කිරි නිෂ්පාදන, ආහාර සැකසුම් කර්මාන්ත ශාලා විශේෂ වේ. මෙම ආයතනවලින් සමහර ඒවාට ජාත්‍යන්තර පාරිභෝගිකයන්ගේ ඉල්ලුමක් පවතී . සාරවත් බිමක් ඇති නිසා කෘෂිකාර්මික නිෂ්පාදනවලට ප්‍රමුඛස්ථානය ලැබී ඇත. වැන්කුවර් දූපතේ විශ්වවිද්‍යාල ඇත්තේ අතළොස්සකි. එමෙන්ම රජයේ පාසල් සිය ගණනක් සහ පෞද්ගලික පාසල් කිහිපයක් පිහිටා තිබේ. බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලය, වික්‍ටෝරියා විශ්වවිද්‍යාලය, රාජකීය මාර්ග විශ්වවිද්‍යාලය සහ වැන්කුවර් අයිලන්ඩ් විශ්වවිද්‍යාලය මෙම නගරයේ ඇත.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department