බැන්ෆ් ජාතික වනෝද්‍යානය කැනඩාවේ පිහිටා ඇත. මෙම වනෝද්‍යානය පැරැණිතම ජාතික වනෝද්‍යානයයි. වර්ෂ 1885 දී රොකී කඳු උද්‍යානය ලෙස මෙය පිහිටුවන ලදි. ඇල්බර්ටාහි පාෂාණ කඳුකරයේ, කැල්ගරි නගරයට බටහිර දෙසින් කිලෝමීටර් 110 – 180 ක් දුරින් මෙම වනෝද්‍යානය පිහිටා ඇත. බැන්ෆ් වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 6641 කඳුකර භූමි ප්‍රදේශයක පැතිරී තිබේ. ඉතින් මේ සූදානම පුංචි දුවලා පුතාලට බැන්ෆ් ජාතික වනෝද්‍යානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
මෙම උද්‍යානය ග්ලැසියර, අයිස්, වනාන්තර සහ කේතුධර වනාන්තරවලින් සමන්විත වේ. බැන්ෆ් වනෝද්‍යානයට බටහිර දෙසින් වනාන්තර සහ යෝහෝ ජාතික වනෝද්‍යානය පිහිටා තිබේ. කුටනේ ජාතික වනෝද්‍යානය දකුණින් සහ ගිනිකොන දෙසින් Kananaskis ප්‍රදේශය පිහිටා ඇත.මෙම උද්‍යානයේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය වන්නේ දුනු ගංගා (Bow river) නිම්නයේ බැන්ෆ් නගරයයි. වර්ෂ 1960 සිට මෙම උද්‍යානය වසර පුරා විවෘතව පවතී. වර්ෂ 1990දී බැන්ෆ් ජාතික වනෝද්‍යානය නැරැඹීමට සංචාරකයෝ මිලියන 5කට අධික ප්‍රමාණයක් පැමිණියහ.
බැන්ෆ් ජාතික වනෝද්‍යානය කඳුකරය, උප ඇල්පයින් සහ ඇල්පයින් යනුවෙන් පරිසර කලාප තුනකට බෙදී ඇත. ප්‍රධාන වශයෙන් ඝන වනාන්තරවලින් සමන්විත වන උප ඇල්පයින් පරිසර කලාපය බැන්ෆ් ප්‍රදේශයෙන් සියයට 53කින් සමන්විත වේ. ඇල්පයින් කලාපය විවෘත තණබිම් සහ ග්ලැසියරවලින් වැසී ඇත. වනජීවීන් සඳහා වාසභූමියක් වූ දුනු නිම්නයේ (Bow river) කඳුකර ප්‍රදේශ වසර ගණනාවක් පුරා සැලකිය යුතු මානව සංවර්ධනයකට ලක්ව ඇත.
වනෝද්‍යානයේ ක්ෂීරපායි විශේෂ 56ක් වාර්තා වී ඇත. ග්රිස්ලි වලස්සු සහ කළු වලස්සු වනාන්තර ප්‍රදේශවල වාසය කරති. කූගර්, ලින්ක්ස්, වුල්වරින්, රතු නරියා, ඔටර් , කොයෝටා සහ දැව වෘකයා ක්ෂීරපායි සත්ත්ව වර්ගවලට උදාහරණ වේ. ගෝනුන්, කොටළු මුවන් සහ සුදු වලිග මුවන් උද්‍යානයේ නිම්නවල බහුලව දක්නට ලැබේ. ඇල්පයින් ප්‍රදේශවල බිග්හෝර්න් බැටළුවන්, මාමොට් සග පිකා වැනි සත්තු ද ජීවත් වෙති. බීවර්, ඉත්තෑවන්, ලේනුන්, චිප්මන්ක්, හිම සපත්තු හාවන් සහ කොලොම්බියානු බිම් ලේනුන් වැනි අනෙකුත් කුඩා ක්ෂීරපායි සත්ත්ව වර්ග ද බහුලව මෙම වනෝද්‍යානයේ ජීවත් වෙති. Caribou පිනි මුවන් වනෝද්‍යානයේ සිටි දුර්ලභ විශාල ක්ෂීරපායි සත්ත්වය වර්ගය විය. වර්ෂ 2009 දී ඇති වූ හිම කුණාටුවෙන් උද්‍යාන මායිමේ ජීවත් වූ ඛ්චපඪඡධභ පිනි මුවන් අවසන් පස්දෙනා ද මිය ගොස් ඇත. අධික සීතල නිසා උද්‍යානයේ උරග සහ උභයජීවී විශේෂ කිහිපයක් පමණක් ජීවත් වෙති. එක් මැඩි විශේෂයක්, ගෙම්බන් විශේෂ තුනක්, සලමන්ඩර් විශේෂයක් සහ සර්ප විශේෂ දෙකක් පමණක් හඳුනාගෙන ඇත. තට්ට රාජාලියන් සහ රන් රාජාලියන්, රතු වලිග සහිත උකුස්සා, ඔස්ප්‍රේ සහ මර්ලින් ඇතුළුව කුරුලු විශේෂ 280ක් මෙම උද්‍යානයේ ජීවත් වෙති.
බැන්ෆ් ජාතික උද්‍යානයේ හිම සහිත ශීත කාලය සහ සෞම්‍ය ග්‍රීෂ්ම කාලය සහිත උප ආක්ටික් දේශගුණයක් පවති. බැන්ෆ් ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර කොටසට වාර්ෂිකව වර්ෂාපතනය මිලිමීටර් 472ක් පමණ ලැබේ. සීත මාසවලදී, මධ්‍යම සහ උතුරු ඇල්බර්ටාවේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට බැන්ෆ්හි උෂ්ණත්වය මධ්‍යස්ථ වේ. ගිම්හාන මාසවලදී කාලගුණික තත්ත්වය උණුසුම් ය. ජූලි මාසයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් පමණ වේ.
බැන්ෆ් ජාතික වනෝද්‍යානය ඇල්බර්ටා/බ්‍රිතාන්‍ය , කොලොම්බියා දේශසීමාව හරහා යන අධිවේගී මාර්ග දෙකකින් බෙදී ඇත. ට්‍රාන්ස් – කැනඩා අධිවේගී මාර්ගය නැඟෙනහිර – බටහිර දිශාවට බෙදී ඇති අතර, එය බටහිරින් වැන්කුවර් සහ නැඟෙනහිරින් කැල්ගරි වෙත සම්බන්ධ වෙයි. අධිවේගී මාර්ගය 93 වනෝද්‍යානය උතුරු- දකුණු දිශාවට බෙදී එය දකුණින් ක්රැන්බෘක් හා උතුරින් ජැස්පර් වෙත සම්බන්ධ වේ. ලුයිස් විලට උතුරින් 93 අධිවේගී මාර්ගයේ කොටස අයිස්ෆීල්ඩ්ස් පාර්ක්වේ ලෙස හඳුන්වයි. කාසල් මංසන්ධියෙන් නිරිත දෙසින් පිහිටි කොටස බැන්ෆ්- වින්ඩර්මියර් පාර්ක්වේ ලෙස හැඳීන් වේ. අධිවේගී මාර්ගය 11 සස්කැච්චන් ගඟ හරහා අයිස්ෆීල්ඩ් පාර්ක්වේ සහ ඊසාන දෙසින් රොකී මවුන්ටන් හවුස් වෙත සම්බන්ධ වේ.
මෙම ජාතික වනෝද්‍යානය ඇල්බර්ටාහි සංචාරක ගමනාන්තය වන අතර, වාර්ෂිකව මිලියන තුනකට වඩා සංචාරකයන් පැමිණෙන උතුරු අමෙරිකාවේ වැඩිපුරම සංචාරය කරන ජාතික වනෝද්‍යානවලින් එකකි. උද්‍යානයේ වාහන නැවැත්වීම සඳහා උද්‍යාන අවසර පත්‍රයක් අවශ්‍ය වන අතර, ගිම්හාන මාසවලදී, ලුයිස් විලෙහි සහ අයිස්ෆීල්ඩ්ස් පාර්ක්වේ ආරම්භයේදී බලපත්‍ර චෙක්පත් සාමාන්‍ය වේ. නැවතීමෙන් තොරව උද්‍යානය හරහා කෙළින්ම ගමන් කරන්නේ නම් බලපත්‍රයක් අවශ්‍ය නොවේ. ට්‍රාන්ස්-කැනඩාවේ අධිවේගී මාර්ගයේ බැන්ෆ් හරහා වාර්ෂිකව මිලියන පහක ජනතාවක් නතර නොවී ගමන් කරයි.
චතුරි ලක්ෂිකා