චීන සංගීත පද්ධතිය ලෝකයේ පැරැණි ලිඛිත ඉතිහාසයක් තිබෙන සංගීත පද්ධතියක් වේ. චීන සංගීතය ස්වර 12කට උරුමකම් කියනු ලබන අතරම එම ස්වර 12 මාස 12 සංකේතවත් කරයි. එහෙත් නිතරම භාවිත කරන්නේ ස්වර 05ක් පමණි. එම ස්වර 05 ද දිශාවන් 05ක් සංකේතවත් කරයි. චීන ස්වර හැඳීන්වීම සදහා “ල්‍යු”(Lu) යන අර්ථය යොදා ගත් බව සඳහන් වේ.
චීන සංගීතය සඳහා යොදාගත් පැරැණිතම සංගීත භාණ්ඩය නිර්මාණය වී ඇත්තේ බට ලී 13-17 අතර ප්‍රමාණයක් යොදා ගනිමින් නිර්මාණය කරගත් “ෂෙං” (Sheng) නම් උපකරණයයි. මෙම භාණ්ඩය පිඹීම පදනම් කරගෙන නිර්මාණය වී තිබේ. ඒ අතර පැරැණිතම තත් වාද්‍ය භාණ්ඩය ලෙස “ගුෂෙං” (Guzheng) නම් වාද්‍ය භාණ්ඩය යොදා ගත හැකි වේ. ප්‍රධාන ද්‍රව්‍ය අනුව භාණ්ඩ වර්ග 08ක් චීන සංගීතයේ භාවිත වී තිබේ.
මැටි,ශෛල ,ලෝහ, සම්, ලී, උණ බම්බු, ලබු හා සේද ලෙස භාණ්ඩ විව්ධ අයුරින් බෙදා වෙන්කරමින් චීන සංගීතයේ භාණ්ඩ වෙන්කර තිබේ.
එලෙසම චීනයේ නිර්මාණය වූ ඔපෙරා ගණනාවක් පෙන්වා දිය හැකි ය.
* කැන්ටන් ඔපෙරා
* ෂැංහයි ඔපෙරා
* පීකිං ඔපෙරා වශයෙන් නිර්මාණය වී තිබේ. මේ අතරින් පීකිං ඔපෙරාව ලෝකයේම නාට්‍යකරණයේදී ප්‍රසිද්ධ ඔපෙරාවක් බවට පත් විය.
ඉහත පෙන්වා දුන් කරුණු ඔස්සේ ලෝක සංගීත පද්ධතීන් අතර ප්‍රබල තැනක් ගන්නා සංගීත පද්ධතියක් ලෙස චීන සංගීත පද්ධතිය හැඳින්විය හැකි ය.
විශාරද ඉෂිනි ධනංජි තරුෂිකා