Home » Blog » විජය රජතුමා

විජය රජතුමා

by lakehouse
0 comments

ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියේ ප්‍රථම රජතුමා වන්නේ විජය රජතුමායි. එතුමා අපේ රටට පැමිණි රජ කෙනෙකි. එතුමා මෙරටට පැමිණියේ ආර්යයන් කණ්ඩායමක් සමඟ ය. විජය කුමරු සිංහ බාහු සහ සිංහ සීවලී දෙදෙනාගේ පුත්‍රයා ය. ඔහු ඉන්දියාවේ ලාට දේශයේ පුරවැසියෙකි. මොවුන් නැව් නැඟී පැමිණියේ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ ප්‍රදේශයටයි. මෙහි වෙරළේ බිම මොහොතක් ඉඳගෙන සිටි ඔවුහු සිය අත්ලවල් පරීක්ෂා කළහ. එවිට අත්ලවල තඹවන් පැහැයක් තිබෙනු ඔවුහු දුටුහ. ඒ නිසා සිරිලකට තම්බපණ්ණි යනුවෙන් නම් කළේ ය. විජය කුමරු වෙරළ ඔස්සේ රට ඇතුළට පැමිණියේ ය. ඒ එනවිට බැල්ලක් හමු විය. එම බැල්ල යන ගමන් මාර්ගයේ විජය කුමරු ඇතුළු පිරිස ගමන් කළහ. එවිට රූමත් කාන්තාවක් හමු විය. ඇය කපු කටිමින් සිටියා ය. විජය කුමරු ඇතුළු පිරිසට දිය පිපාසය ඇති බව පැවසූවිට ඇය දිය ගෙන දීමට ඉදිරිපත් වූවා ය. ඇය විජය ඇතුළු පිරිස විලක් සමීපයට කැඳවාගෙන ගියා ය. එම විල අසල වූයේ විලට ගිය අඩි පාරවල් පමණි. මේ පිළිබඳ විජය කුමරුට සැක සිතුණි. ඔහු මේ පිළිබඳ කුවේණියගෙන විමසුවත් ඒ පිළිබඳ කිසිවක් හෙළි කිරීමට කුවේණිය අකැමැති වූවා ය. එහෙත් විජය කුමරු පෙරැත්ත කළේ ය. අවසානයේ කුවේණි මරා දැමීමට විජය තීරණය කළේ ය. ඒ අවස්ථාවේ කුවේණිය විජය කුමරු ඉදිරියේ බැගෑපත් වූවා ය. තමා නොමරා බේරන්නේ නම් තම පිරිස ඇතුළු ලංකා රාජ්‍යය විජය කුමරුට ලබා දෙන බවට කුවේණිය පොරොන්දු වූවා ය. එයට විජය කුමරු එකඟ විය.

එහෙත් රාජ වංශයේ කුමාරිකාවක් විවාහ කරගැනීමට විජය රජතුමාට අවශ්‍ය වූයේ ය. මේ අනුව ඉන්දියාවෙන් ක්ෂ්තී‍්‍රය වංශීය කුමාරිකාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ ය. ඇය ඉතා සුන්දර කුමරියක් වූවා ය. මේ බව ආරංචි වීමත් සමඟ කුවේණි තම දරුවන් දෙදෙනාත් සමඟ මාලිගාවෙන් පලා ගියා ය. මෙසේ යෑමේදී කුවේණිය යක්ෂ ගෝත්‍රිකයන් අතට පත්වී මරුමුවට පත් වූ බව සඳහන් වේ. පලා ගිය දරුවන් දෙදෙනාගෙන් වැදි පරපුර බිහි වූ බව ද සඳහන් වේ. මේ අතර තම්බපණ්ණිය අගනුවර කරගත් විජය රජතුමා අවුරුදු 38ක් රාජ්‍ය පාලනයේ නිරත වූයේ ය.

මෙතැන් සිට ඇගේ උපකාරය ලබා ගැනීමට විජය කුමරුට හැකියාව ලැබිණි. යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ කුවේණිය තමන්ගේ නෑදෑ පිරිස පවා විජය කුමරු හඳුන්වා දුන්නා ය. එහෙත් පැවති විශේෂ උත්සව දිනකදී සිය නෑදෑයන් මරා දැමීමට කුවේණිය විජය කුමරුට සහාය වූවා ය. මේ අනුව විජය ඇතුළු පිරිසට ශ්‍රී ලංකා දේශයේ බලය හිමි විය. විජය කුමරුට මහත් සතුටක් ඇති විය. එතැන් සිට විජය කුමරු ශ්‍රී ලංකාවේ ප්‍රථම රජ බවට පත් විය. කුවේණිය අග මෙහෙසිය බවට පත් වූවා ය. විජය සමඟ පැමිණි පිරිස මල්වතු ඔය අසල තම තමන්ගේ නම්වලින් ජනාවාස පිහිටුවා ගත්හ. අනුරාධගාම, උපතිස්සගාම, උරුවෙලගාම කල්‍යාණි යනුවෙන් මේ ගම් නම් කෙරුණි. මොවුහු වගා කටයුතුවල යෙදුණහ. මේ අනුව විජය කුමරු විජය රජු නමින් ශ්‍රී ලංකාව පාලනය කිරීමට පටන් ගත්තේ ය. ඊට පසු විජය රජු සහ කුවේණි අග මෙහෙසියට දරුවන් දෙදෙනකු ලැබිණි. ඔවුන් දෙදෙනාට ජීවහත්ථ සහ දිසාල යනු නම් තැබී ය.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department