Home » Blog »  දැනුම මිනුම

 දැනුම මිනුම

by lakehouse
0 comments

7ශ්‍රේණියේ නෙළුම්, ඕලූ, මානෙල් පන්ති තුනේම ළමයි එකට රැස් වුණා. දැනුම මිනුම පැය හැමෝටම කැමැතිම පැයක් . හැමෝටම දැනුම ලැබෙන දේවල් තමයි ගුරුතුමිය සාකච්ඡා කළේ. ඒ නිසා හැමෝම ඒ කතාබහට හොඳින් සවන් දුන්නා. පාසලේ අනෙකුත් වැඩ කරලා ඉවර වුණාම මේවගේ කතාබහකට සවන් දෙන එක හිතට හරිම නිදහසක්. මුලින්ම හැමෝම තමන් සතිය පුරා හොයාගෙන ආව දැනුම මිනුම හැමෝටම කියා දුන්නා. ඊට පස්සේ ගුරුතුමිය වඩාත් වැදගත්ම දෙයක් කියූ කෙනාව අගය කරලා ත්‍යාගයක් පිරිනැමුවා. මේ නිසා හැමෝම උනන්දුවෙන් දැනුම මිනුම තරගයට අවශ්‍ය වෙන කරුණු හොයාගෙන ආවා.

අපි හැමෝටම වගේම 5 ශ්‍රේණියේ නංගිලා මල්ලිලාටත් මේ දැනුම වැදගත් වෙන නිසා අනෙක් දවසේ පහ ශ්‍රේණියේ නංගිලා මල්ලිලාටත් මේ වැඩසටහනට ආරාධනා කළා.”ඉතින් අද අපි මොකද්ද කරන්න යන්නේ ?” ප්‍රථමයෙන් ගුරුතුමිය ඇසුවා. ”අපි බලමු දරුවන්ට මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් ද කියලා.”

” දැන් ටීචර් අපි මේවාට පිළිතුරු අදම කියනවා ද?” ”නැහැ නැහැ. අපි මේවාට පිළිතුරු කියන්නේ අනෙක් දවසේ” ”ආ එහෙම ද?” ”ඔව් නෙතුලි එහෙම නැත්නම් කවුරුවත් මේවා හොයන්න පෙලඹෙන්නේ නැහැ නේද?” ”ඒක හොඳයි” දැනුම මිනුම සමිතියේ සභාපතිතුමා ඒක අනුමත කළා. ”එහෙනම් අපි පටන් ගනිමු නේද?”

”ආ හරි.. කියන්න බලන්න මුලින්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන කඳු මොනවාද කියලා?” ”හා හොඳයි ටීචර් අපි ඊළඟ දවසේ සොයලා කියන්නම්.” ”ඒක හොඳයි නේද? ඒ වගේම කියන්න බලන්න ශ්‍රී ලංකාවේ මුල්ම අග නුවර මොකද්ද කියලා. ඒ වගේම දුවලා පුතාලාට හොයන්න පුළුවන් තවත් පැවරුමක් අපි පවරනවා. ඒ මොකද්ද දන්නවාද? අටමස්ථාන.” ”ආ… ඒකත් හොඳයි ටීචර්. එහෙනම් අපි ඒවා ඊළඟ දවසේ ඔයාලාට කියලා දෙනවා. ඒවගේම අපේ යුටියුබ් නාලිකාවෙන් ඒ පිළිබඳ තොරතුරු දැන ගන්නත් පුළුවන් වේවි. ඒ නිසා මිහිර යූටිබ් නාලිකාවත් බලන්න.” ”හා හොඳයි ටීචර්” හැමෝම සතුටින් විසිරී ගියා.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department